8. වයසට ගියත් කොල්ලා කොල්ලමයි!

unnamed

කොල්ලෝ කෙල්ලෝ වයසට ගියාමත් කොල්ලා කාලේ කෙල්ල කාලේ උන්නා වගේම ඉන්න බැරිද? කොල්ලා කාලේ කෙල්ල කාලේ වගේම හිතන්න බැරිද? අපේ ඇඟත් එක්ක හිතත් වයසට යයිද? ඔය කාරණේ සමහර වෙලාවට කොලු කමට කෙලිකමට (ඇයි එහෙම කියන්න බැරිද?) අපිට වෙලාවකට බය හිතෙන්න පුළුවන් දෙයක්. වයසට යද්දී ලෙඩ වෙන එක දුර්වල වෙන එක නම් ඉතිං වළක්වන්න බැරි වුණත් අපේ හිත හැමදාම තරුණ කාලේ වගේ තියාගන්න එක නම් අපේ අතේ තියෙන වැඩක් !
හවසට ක්ලාස් එහෙම ඇරෙන වෙලාවට පාර දිගේ ඉස්සරහින් යන කෙල්ලට හාන්කවිසියක් නොදැනෙන්න යන කොල්ලෝ වගේම, හෙමීට බැරි නම් තදටම මීටර් වෙන්නම හිතාගෙන යන කොල්ලෝ වගේම කට්ට කාලා යාන්තන් හරි ගිය එකෙක් තමන්ගේ කෙල්ලගේ අතින් අල්ලං හෙමීට වට පිට බල බල පුංචි කතාවක් දාගෙන යන එක නම් සුලබ දර්ශනයක්. පහු පහු වෙනකොට කොයි කොයි දේත් කොහු කොහු වෙද්දී ඔය අල්ලන් ඉන්න අත් හෙමීට බුරුල් වෙලා අතඇරෙනවා. සාමාන්‍යයෙන් ඇත්ත කතාව ඒකනේ? “කළු නෝටි කෙල්ල ස්වීටි මැණික මාගේ” කිය කියා ඉඳලා පහු වෙනකොට “මේ ඒයි, ඇහුණද” ගානට එද්දී හෙමීට හිත යටින් “අපි දැන් වයසයිනේ” කියලා පොඩි සමාවක් තමන්ටම දීගන්නවා.
සාමාන්‍යයෙන් සිද්ධ වෙන ඔය කතන්දරේ අස්සේ සාමාන්‍ය නොවුණ දෙයක් ගැන දවසක් පිටකොටුවේදී හෙමීට මීටර් වුණු ගිය සීන් එකක් තමයි අද 4බධ කතාවේ කතන්දරේ. ජෝඩුවට නම් අනිවාර්යෙන්ම වයස අවුරුදු 60 වගේ සීමාවත් පැනලා කියලයි හිතුණේ. කොහොමින් හරි 4බධ කතාව වෙනුවෙන් මේ පින්තූරේ නොදැනෙන්න ගන්න තාක්කල් කාපු කට්ට පුරාවට මේ දෙන්නාගේ අත් දෙක නම් අත ඇරුණේ නෑ. අපේ ඇඟ විතරක් වයසට යන්න ඇරලා, ඇයි අපිට බැරි හිත්වලින් වයසට නොයා ඉන්න? අන්තිමට ඒ දෙන්නා ෆොටෝ මතකයක් විදියට ඉතිරි කරලා ගිය අපූරු කතන්දරේ ඒක වෙන්න ඇති.

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

logo

20.10.2015

12139918_954683274590236_5609850284109583018_o

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s