10. වැඩි බර සහ බර වැඩ

unnamedහැන්දෑවට ඇඟිල්ලක්වත් ගහන්න බැරි තරම් සෙනඟ නළියන පිටකොටුවේ පාරවල තොර තෝංචියක් නැතිව ඇහෙන ‘අයින් අයින්’ කියල කෑ ගහන සද්දෙට, එහෙම කෑ ගහන මිනිසුන්ට අවනත නොවුණම අහගන්න වෙන අවලාද කතාවලට වෙලාවකට කේන්ති නොයන්නේ කාටද? අති විශාල බර කන්දක් කරත්තෙකට පටවගෙන සෙනඟ අතරෙන් හැල්මේ යන්න හදන මේ මිනිස්සු ගැන වද වෙන්න අපිට කොයිද වෙලාවක්? අද 4බධ කතාව ‘වැඩි බර පන්තියේ’ ලොරි ටිකක් අද්දර ‘බර උහුලන පන්තියේ’ නාට්ටාමි උන්නැහේ කෙනෙක් බර පැත්තකින් තියලා කැමරාවට පෙන්නපු සැහැල්ලු හිනාවක් ගැන කතන්දරයක්.

කැමරාවක් අතින් එල්ලගෙන ඔය පැත්තේ පාරවල ඇවිදින එක නම් භයානකයි කියලා ගොඩක් දෙනෙක් කියනව. කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා. මොකද අතන මෙතැන කැමරා මානන කොට තැනයි, මොහොතයි, අවස්ථාවයි ගැන පොඩ්ඩක් හිතුවේ නැත්නම් සෑහෙන්න කරදරවලට මුහුණ දෙන්න වෙනවා. සමහරු නම් ෆොටෝ ගන්නවට හරි විරුද්ධයි, ඒ අතරේ හරි අපූරුවට හිනාවක් පෙන්නන මේ වගේ මිනිස්සුත් හමු වෙනවා.
එහා පැත්තේ තියෙන වැඩි බර පන්තියේ වාහනේ පිරෙන්නම වගේ පටවලා තියෙන ගෝනි ඇතුළේ මොනවා තියෙනවද කියන්න අදහසක් නැතත්, ඒ ලොරියේ බරට වඩා ඒ මිනිසුන්ගේ දාදිය මහන්සිය ඒ ඇතුළේ පිරිලා තියෙනවා කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්. ලොරියට පිරුණ බර, මුළු දවසකම මහන්සිය මකාගෙන තමන්ගේ අත් කරත්තේ උඩට නැඟගෙන ඉන්න මේ අපූරු මනුස්සයාගේ හිනාව නම් ඇත්තටම පුදුමයි. දවස තිස්සෙම තමන්ව ගණන් නොගෙන පාර පුරා යන මිනිස්සු එක්ක ඔට්ටු අල්ලන්න, කෙළවරක් නැතිව බර උහුලන්න සිද්ධ වෙන මේ මනුස්සයා, තමන්ගේ දින චර්යාව අමාරු කරවන තවත් එක පදිකයෙක් එක්ක මේ වගේ හිනා වෙන්න තීරණය කරපු එකම මදිද! එහෙනම් ඇයි අපට අපේ ප්‍රශ්න එක්කම හිනා වෙන්න බැරි කියලා මේ පින්තූරේ සමහරවිට අපෙන් අහනවත් වෙන්නැති.
පින්තූරේ එපිටින් නවත්තලා තියෙන ලොරියට නම් බඩු පටවලා ඉවරයි වගේ, පින්තූරේ අරගෙන මොහොතකින් ඒක යන්න ඇති. මේ අයගේ මහන්සියෙන් බාගෙට පිරුණු ඊගාව ලොරියත් තව මොහොතකින් පිරිලා ඉවර වෙන්න ඇති, තව මහ ගොඩක් පෝලිමේ ඉන්නත් ඇති. හැබැයි ඒ අතර මොහොතකදී අහු වුණ මේ පින්තූරේ අපට බර උහුලන පන්තියේ සහ වැඩි බර පන්තියේ කතන්දරේ ගැන අපූරු මතකයක් ඉතිරි කරලා තිබුණේ මෙන්න මේ විදියටයි.

කතාව-පින්තූර

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

logo 29.9.2015

12087035_946346262090604_7557574923039230448_o

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s