11. කතා තුනක්

95571_picture--copyඅද ‘4to කතාවේ’ එක පින්තූරයක් වුණත්, කතන්දර තුනක් කියවෙනවා.

පසුගිය පෝය දවසක බුද්ධිමය උෟණතා සහිත දරුවෝ ඉන්න නිවෙස්නයක සිද්ධ වුණ පුංචි වැඩ කටයුත්තකදී කැමරාවේ සටහන් වුණ සේයාරුවක්. රෝගියාගේ මූණේ බැල්මත්, ‍ෙදාස්තර නෝනාගේ බැල්මේ කරුණාවත් පරදාගෙන මතු වෙලා තිබුණ ඒ ළඟම ඉන්න දරුවාගේ මූණේ බැල්ම පින්තූරෙට හරි අපූරු එළියක් එකතු කරලා නේද කියලා මට හිතුණා. අහිංසකකමද, බලාපොරොත්තුවද, එහෙමත් නැත්නම් කුතුහලයද කියන්න නොතේරෙන බැල්මකින් ඒ මූණ පිරිලා. අනාගතේ ජීවක කෙනෙක් වෙන්න ප්‍රාර්ථනාවක්වත්ද? එහෙම නම්, පින්තූරේ අල්ලගත්තු මොහොතේ මේ කොලුවා දකින්නේ හොඳම ආදර්ශයක් වෙන්න පුළුවන්.
හැමෝටම පොදුවේ එක හැන්දකින් බෙදන්න අමාරු වුණත්,
කෙළවරක් නැති මහා ගොඩක් ලෙඩ රෝග පිහිටෙන්ම ගොඩ යන්න බලන ‍ෙදාස්තරවරු ඉන්න රටේ කිසිම ‘සම්තින්’ එකක් නැතිව බොහොම කැමැත්තෙන් ඇවිත් මේ වැඩේට සම්බන්ධ වුණ මේ ළාබාල ‍ෙදාස්තර නෝනාගේ බැල්මත් අද 4to කතාවට අපූරු එළියක් එකතු කරලා. ප්‍රයිවෙට් ක්ලිනික් එකේදී මල් පෙති වගේ වෙන, ආණ්ඩුවේ ඕපීඩී එකේ පතොක් කටු වගේ වෙන මූණු අතරේ, මේ කරුණාබර මූණ හරි අපූරු පණිවුඩයක් අපට දෙනවා නේද කියලාත් මට කල්පනා වුණා. සමහර ලෙඩ්ඩු නම් ඇත්තටම විහින් අසනීප වෙච්ච උන් තමයි. හැබැයි කාටවත් වරදක් නැති මේ වාගේ අය වෙනුවෙන් ඇය පෙන්නපු කරුණාව රටක් වටිනවා.
ඔහු නමින් අජිත්. ඔහුට රැකවරණය දෙන්නේ පාදුක්ක පැත්තේ තියෙන මන්දුල නිවෙස නම් මෙවැනි පුද්ගලයන්ට රැකවරණය දෙන අපූරු ආයතනයක. මෙතැන අපූරුයි කියලා මං කියන්නේ, මේ ආයතනය පාලනය වෙන්නත් මේවාගේම දරුවෙක්ට මාපියන් වුණ දෙපළක්. තමන්ගේ සියලුම රාජකාරි පැත්තක දාලා තමන්ගේ දරුවා වගේම මේ වගේ දුකට පත්වන රටේ දරුවන්ටත් තමන්ගේ වගේම හෙවණක් හදා දෙන්න මේ දෙපළට හිතුණ එක හරි අගේ නැද්ද? ඒ දෙන්නගේ හෙවණ නැත්නම් තමන්ගේම තැනක් වගේ මෙතැන රැකවරණය ලබන්න ඔහුට වාසනාවක් නොලැබෙන්න තිබුණා. මුදලකට යට වුණ මෙහෙකරුවකුගේ සහායට ඉඩ නොදී මේ අම්මත් තාත්තත් තව මේ වගේ දරුවන් කීප දෙනෙක්ටම මවුපියන් වෙලා තියෙන්නේ ඒ දරුවන්ට තමන්ගේම ගෙදර වගේ හැඟීමක් දෙන්න ඕනේ වුණ නිසා කියන දේ එදා දවස පුරා එතැන උන්නු අපිට පැහැදිලි වුණා.
එක පින්තූරයක්, මනුස්සකම අපිට කියන කතා තුනක්…

logo

22.09.2015

කතාව-පින්තූර
බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

11103147_943283659063531_7019429782486396766_o

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s