9. හිමි අහිමි

unnamedඑළියට බැහැලා ඇවිදින්න කැමැති කොල්ලන්ට නිදහසේ ඇවිදින්න යන්න පුළුවන් තැන් කොච්චර නම් තියෙනවාද? තම තමන්ගේ පැතිවල නිදහසේ ඇවිදින්න පුළුවන් බීච්, පාක්, නැත්නම් වැව් ඉවුරක් ගැන ඕන එකෙක් දන්නවා. ඔන්න ඔය වගේ මීගමුව පැත්තේ කට්ටිය ඇවිදින්න යන පට්ට ප්ලේස් එකක් තමයි බ්‍රවුන්ස් බීච් කියල කියන්නේ. කෙල්ලොත් එක්ක ඇවිදින්න එන කොල්ලෝ, ක්ලාස් කට් කරලා වළ බහින කොලු රංචු වගේම පොඩි පොඩි පැටව් එක්ක එන අම්මලා තාත්තලාගෙන් මේ තැන හැන්දෑවට පිරිලා ඉතිරිලා තියෙනවා. කෙල්ලෝ එනකන් මනෝ පාරක් ගහගෙන ඉන්න කොල්ලෝ ඇයි? කම්මුලේ අත ගහගෙන ඔහේ මුළු හවස් වරුවම ගත කරන එවුන් වගේම සුද්දෝ සුද්දියන්ගෙනුත් හැන්දෑවට අඩුවක් නෑ. එහෙ විතරද? හැන්දෑවට විවේකයක් බලාපොරොත්තුවෙන් සෙනඟ පිරෙන ඔය කොයි කොයි තැන්වලත්, ඔය චරිත ටික හම්බෙනවා. අද 4to කතාව දවසක්දා හැන්දෑවක මීගමුවේ බ්‍රවුන්ස් වෙරළේ හම්බවුණු දර්ශනයක කතන්දරයක්.
වෙරළේ ගල්පර දිගේ කැමරාවක් මානගෙන එන ගමන් බැහැගෙන යන ඉර දිහාවට එබෙන මේ ජෝඩුව දිහාවට ර්ථීඩධදඥ එකේ කැමරාව මානන මේ කෙල්ලව මට හම්බවුණා. සමහරවිට උන් දෙන්නගේ යාළුවෙක් වෙන්න ඇති. සමහරවිට කොහෙත්ම අඳුරන්නේ නැති කෙනෙක් වෙන්නත් බැරි නෑ. බැහැගෙන යන ඉර දිහාට එබීගෙන උන්නු ඒ දෙන්නා වගේම ඒ දෙන්නා දිහාවට එබීගෙන උන්න මේ කෙල්ලත් බලන් ඉන්නේ තම තමන් ආස, ලබාගන්න බැරි දේවල් දිහාදෝ කියලත් මට හිතෙනවා. ඇයි ඒ තුන් දෙනා දිහාම බලාගෙන ඉන්න මේ මම? පින්තූරෙන් එළියට පෙනෙන කතන්දර වගේම පින්තූරේ පිටිපස්සේ තව කොච්චර කතන්දර ලියවිලා ඇත්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.
බැහැගෙන යන ඉර දිහාවට පියාඹන්න වගේ ඉන්න ඒ දෙන්නගේ හිත්වල වගේම, ඒ දිහා බලන් ඉන්න අනිත් කෙල්ලගේ හිතේ තියෙන්නේ සතුටද දුකද කියන්න මට තේරෙන්නේ නෑ. හැබැයි හැන්දෑවේ බැහැගෙන යන ඉරටත් කහපාට අහසටත් පසුබිම් වුණු මේ චරිත තුනේ හෙවණැලිවලට, අපිට ආස දේ හිමි _ අහිමි අපි හැමෝගෙම කතන්දර ගැළපෙන්න පුළුවන් කියලා නම් විශ්වාසයි. ඒ දෙන්නගේ නිදහස සහ සතුට තමන්ගේ කැමරාවෙන් මතක සටහනක් තියාගත්ත ඒ කෙල්ල වගේම ඒ තුන්දෙනාගේම කතාවේ මතක සටහන රැකගත්ත මේ පින්තූරේ පිටිපස්සේ හිමි- අහිමි දේ ගැන වධ වෙන, මහන්සි වෙන වගේම දුක් වෙන සතුටු වෙන අපි හැමෝගෙම කතන්දර තියෙනවා නේද කියලා කෙනෙක්ට කල්පනා කරන්න පුළුවන්.
එදා ඉර බැහැගෙන යන්න ඇති, ඒ දෙන්නා වගේම, පින්තූර මතකය ඉතිරි කරගෙන මේ කෙල්ලත් යන්න ඇති. හැබැයි ඉර බැහැගෙන යන හැම හැන්දෑවකම මේ චරිත එක්ක අලුත් අලුත් කතා අදටත් මෙතන ලියවෙනවා ඇති.

කතාව-පින්තූර

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

logo 06.10.2015

12141696_948887735169790_7794485948363181458_n

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s