12. දන්න අයයි-දැනෙන අයයි

Image by Buddhi Karunarathne

“අපි යන්නෙ කොයි පාරේ, අන්න අරයා ගිය පාරේ, මෙන්න මෙයා ගිය පාරේ” කිය කියා අපේ විද්‍යාලවල කොල්ලෝ කෙල්ලෝ හිටපු ගමන් පා ගමන් එහෙම යනවනේ. නොයෙක් ඉල්ලීම්, අයිතීන් දිනාගන්න, අරයට මෙයාට ගෙදර යන්න කියන්න වගේ දේවල් වෙනුවෙන් කරන මේ වැඩේ හරිද නැද්ද කියන්න යන්නේ නැති වුණත්, කොල්ලෝ කෙල්ලෝ ටික අපූරු ටභද එකක් නම් මේ වැඩ අතරේ නොගන්නවා කියන්නම බෑ. පාරේ කට්ට කාගෙන කෑගහගෙන අව්වෙ දත කන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන නිසානේ. ඒ දේ කෑගහලා මිනිසුන්ට කියන්න ඕන නිසානේ. ඔන්න ඔය වගේ පසුගිය සතියේ දවසක තිබුණු පා ගමනක් අතරේ තමයි මේ දර්ශනය කොටු කරගන්න ලැබුණේ. කඩදාසියක මොනවදෝ කියවමින් එන කත්කාරයෙක්? කොළඹ නගරේ මැද්දේ? ඔව්! ඒ අපූරු දර්ශනය පිටිපස්සේ තිබුණු හැංගුණ කතන්දරේ තමයි අද 4to කතාව.

පා ගමන අතරේ කට්ටියගේ තිබහ නිවන්න පාර පුරා අහුමුලුවල හැංගුණු ටැප් හොයාගෙන, සිලිසිලි මලුවලට වතුර පුරවාගෙන එන්න කට්ටියක් වෙහෙසෙනවා. තව කට්ටියක් ඒ අතරේ දැන්වීම් පත්‍රිකා බෙදනවා. ඉතින් ඉතිරි ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ කියලා කිසි වෙනසක් නැතිව එක දිගට කෑගහනවා! බෙදාගෙන යන දැන්වීම් පත්‍රිකාව ගන්න හෙමීට ස්ලෝ වෙන බයික් ත්‍රීවීලර් වගේම, බ්ලොක් වෙලා නතර වෙලා තියෙන රෝද හතරේ වාහනවල කළු වීදුරු හෙමීට පහත් වෙන වෙලාවල් එහෙමත් ඕනේ තරම්. ඒ අතරේ සත පහකට ගණන් නොගෙන අතට දික් කළ කඩදාසිය නොදැක්කා වගේ යන මිනිස්සු, නිකමටවත් වාහනේ වීදුරු පහත් නොකරන මිනිස්සු අතරේ කදක් උර දරාගත්තු මේ අපූරු මනුස්සයා මගේ ඇහැ ගැටුණා!

අතට ගත්තා වුණත්, ඊගාව පියවරේදීම විසි කරන, පස්සේ කියවන්න සාක්කුවේ දාගන්න අය අතරේ, උරහිසේ රැඳුණු බර දරාගෙනම, පාරේ පේමන්ට් එක දිගේ මේක කියව කියවා එන හැටි දැක්කම, ටිකක් පුදුම හිතුණා. මේ පොඩි කොලු කෙල්ලෙක්ගේ ප්‍රශ්නේ ගැන සංවේදී වෙන්න හිතුණේ, සමහර විට අර උරහිසේ තියෙන කද වගේම, හිතේ රැඳුණු දෙයක තියෙන බරක් නිසාදෝත් හිතුණා.

සමහර විට අකුරු මහ ගොඩාක් බැරිව ඇති. නමුත් තමන් කියවනවා කියලා ප්‍රදර්ශනය වෙන්න, පුස්තකාලෙකට, මනුස්සයකුට පොතක් දෙන්න නොහිතන වුණත් පොත් අල්මාරියේ ෆොටෝ එක ගහලා ෆේස් බුක් දාන්න හිතන මානසිකත්ව අතරේ මේ මනුස්සයා කොච්චර උඩින් ඉන්නවද කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්.

ප්‍රශ්නයක් ඇති, ඒ ගැන කෑගහන්නේ ප්‍රශ්නේ ගැන ‘දන්නා මිනිස්සු’ ඒ ගැන නොදන්නා උන් තව ඕනේ තරම් ඇති. හැබැයි නොදන්නවා වුණත් ඒ ගැන ‘දැනෙන මිනිස්සු’ත් මෙන්න මේ වගේ ඉන්න විත්තිය හරි අපූරුවට පෙනුණා.

මනසේ තිබහවට, කරේ තියෙන බරේ ඇති ප්‍රශ්නයක් නැති විත්තිය, මේ අපූරු මනුස්සයා අපට පෙන්නලා සෙනඟ අතරේ නොපෙනී ගියා.

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

writerkaru@gmail.com

58278

logo

4to කතාව
ඔක්තෝබර් 27-මවුබිම Young

http://mawbima.lk/82-97867-news-detail.html

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s