13. වෙස් මූණු!

Buddhi Prabodha Karunarathneවෙස්මූණු හදන කලාව අද කොයි තරම් නම් වියැකිලා ගිහින් තිබුණත්, වෙස් මූණු බඳින කලාව නම් අදටත් අපි හැමෝම අතරේම වගේ තියෙනවා. ගෙදරට, යාළුවන්ට, අසල්වැසියාට, පෙම්වතාට හෝ පෙම්වතියට, වගේම දන්නේ නැති එකාලා එකීලාට, මේ හැම එකාටම අපි පෙන්නන්නේ එක එක මූණු.

ඔළු ගෙඩියට තට්ටු කරලා අහල බැලුවොත්, අපි අපිවම වෙස් මූණක් අස්සේ හංග ගත්තු අවස්ථා නෑ කියනවා නම් අන්න ඒක පට්ටම බොරුවක්! අපි අපිවම වෙස් මූණක් අස්සේ හංග ගන්න එක, එක අතකට ෆැෂන් එකක්. කාලයට තාලයට ඔබින, තැනේ හැටියට ඇණේ ගහගන්න අපි අපිටම ඩිසයින් කරගන්න ෆැෂන් එකක්.

ගතවෙන තත්පරයෙන් තත්පරයට, ගලවලා මාරු කරන මූණත් තහඩු අතරේ සමහර වෙලාවට අපේ ඇත්ත මූණ මොකද්ද කියලා අපිටම හොයා ගන්න බැරිව යන වෙලාවල් එනවා. අවංකෙන්ම තමන් කවුද හොයාගන්න, අපටම බැරිව යන වෙලාවල්, ඔන්න ඔය වෙස් මූණු නිසා අපිට උදා වෙනවා.

අපේ වැඩේ කෙරෙනකන්, ආදරය අවධානය දිනා ගන්නකන්, අපි අපේ සමහර ගතිගුණ හංගා ගන්නවා. සමහර ඒවා වැඩිපුර මතු කරන අතරේ සමහර නැති දේවලුත් මවා පානවා. රාක්‍ෂ මූණු, විකට මූණු, අහිංසක මූණු වගේම මෙලෝ රහක් නැති වෙස් මූණු ගොඩක් අතර මාරු වෙවී, ලියන මගේ වගේම කියවන ඔබෙත් ජීවිතේ ගලාගෙන යනවා.

එක එකාට පෙන්නගෙන ඉන්න වෙස් මූණු මහ ගොඩ කුණු මුල්ලට විසි කරලා, අපට උපතින්ම උරුම මූණ එළියට දාගෙන මහ පොළොව උඩ ඇවිදින්න නිදහසක් හොයාගන්න නම්, අපිට අපේම ඔළු ගෙඩි ටික හදාගන්න වෙනවා. බිමට වෙලා තනියම ඉන්න මේ වෙස් මූණත්, සමහරවිට කල්පනා කරනවා ඇත්තේ මනුසතා පොළවට බහිද්දී එක මූණක් එක්ක ආවත්, පහු පහු වෙනකොට වෙන්නේ මොකද්ද කියන කාරණාව වෙන්න බැරි නෑ.

එක්තරා පාසලක ප්‍රධාන ශාලාවේ බිම ඉඳගෙන නිහඬ කතාවක් කියමින් උන්න මේ වෙස් මූණ කියන්න හදන්නේ මේ කතාවදෝ කියලා හිතුණු නිසා, කැමැරා ඇසට ඒ කතන්දරේ අල්ලගන්නත්, ඒ ගැනම පොඩි කවි කෑල්ලක් කුරුටු ගාන්නත් කල්පනා කළා.

දේවතා ගණ සියුම් තුඩකින්
මැවුම් කළ මනු ලොවේ වුවනත
දේවතා ගුණ සොයා නැති තැන
මුව වසා පෙළවයි තමා තම

වසා ඇති එක රුවක් බිම බා
තමා කොයිබද සොයා දින
අහෝ දෙවියනි ඔහුට අමතක
ඔහු සැබෑ මුව පසක් කළ මැන!

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

logo

මවුබිම Young 04 පිටුව 15.09.2015

12001093_940064382718792_3085578859508768581_o

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s