ඇවිදින්න යං! Travel එච්චර ගණන් නෑ!

logo250735_341288012609447_163001042_n

 

 

මචං අපි ගොඩාක් ට්‍රිප් ගියා. හැබැයි වැඩි හරියක් ගියේ කටින්. කාලෙකට වතාවක් සෙට් වෙන කට්ටිය එකතු කරගෙන, ඔක්කොටම නිවාඩු හම්බෙන වෙලාවක් බලලා, යන්න තැන් හොයලා ඔක්කොම කැමැති කරවගෙන යන්න හදන එක ගොඩක් වෙලාවට ලොවෙත් සිද්ධ වෙන්නේ නැති වැඩක්. ඔන්න ඉතින් කට්ටිය සෙට් කරගත්තට පස්සේ ඉන්න තැන්, යන්න වාහන හොයන් අන්තිමට බලද්දි යන්න දහයක් උන්න නම් ඉන්නේ පස් දෙනයි. උදේ වෙද්දි දෙන්නයි!

ඔන්න ඔය විදියට කොහොම හරි ගමන පිටත් වෙන්නෙත් පුළුවන් තරම් අෑත යන්න බලාගෙන. කොළඹ ඉන්න එකා අනුරාධපුරේ යනවා නම් අනුරාධපුරේ ඉන්න එකා කොළඹ එනවා. හැබැයි අපි කවුරුත් අපේ නහය යට තියෙන පට්ට ප්ලේසස් ගැන දන්නෙත් නැති වෙන්න පුළුවන්, ගිහිල්ල නැති වෙන්නත් පුළුවන්!
ඉතිං අපි ඇවිදින්න යං!

වැඩි විදයම් නෑ, ලොකු ලොකු ප්ලෑන්වත් යන්න ලොකු ලොකු වාහනවත් ඕනේ නෑ! ළඟින්ම නැඟ ගන්න පුළුවන් බස් එකක්, නැත්නම් රෑ නයිට් මේල් කෝච්චියක් වෙන්න පුළුවන්, නැත්නම් ඔන්න ඔහේ පයින්ම ඇවිදගෙන යන්නත් පුළුවන්! කොටින්ම කියනවා නම් වැඩි වියදම් නැතිව අපිට ඇවිදින්න කොච්චර පුළුවන්ද කියන කාරණේ අපි හොයාගෙන යං කියලයි ලෑස්තිය!

ඔන්න ඒ විදියට “මව්බිම යං” සෙට් එක යං කියවන Young Generation එකත් එක්කම මේ පාර ලංකාව වටේම ඇවිදින්න යන්නයි හදන්නේ. කොළඹවත් ලොකු ටවුන්වලවත් විතරක් නෙවේ, ලංකාව පුරාම තියෙන පට්ට ප්ලේසස් හොයාගෙන ඇවිදින්නයි Young අපි Young උඹලත් එක්කම “ඇවිදින්න යං” කියලා මේ ලෑස්තිය. “මව්බිම යං” අපිට අවුරුදු හතරක් පිරෙන වෙලාවේ, අලුත්ම වැඩක් විදියට මේ විදියට පටන් ගද්දී Young සෙට් එකත් එක්ක ඇවිදින්න යන්න කැමැති තැන් ගැනත් අපිට කියලා එවන්න ඔන්න.
එහෙනම් Young එක්ක ඇවිදින්න යං!

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

12289629_971148232943740_8508794516688946238_n

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s